The Golden Chimes - Sihin Sinawayi

සිහින් සිනාවයි ඔබෙ ළපටි මුවේ
කොහෙන් ගෙනාවද ඔය කදිම රුවේ
කැලුම් හැලෙන ඔබේ නෙත හමුවේ
කෙසේ කියන්නද හදවත ගොළුවේ

මලින් උරා බොන රොන් බඹර මුවේ
රුවන් මැණික් මුතු තිබෙන ලොවේ
එවන් රසක් ඇත මට ඔබගේ මුවේ
ඔබයි මනාලිය මගේ සිහින ලොවේ

පැතුම් පිරුණු ඔබේ මුහුණේ සිතුම් මට කියා නැහැනේ
නැවුම් අදහසක් මහදේ ඇඳී තියෙනවා
සිතේ සැනසුමක් නැහැනේ නෙතේ සහනයක් නැහැනේ
ඔබෙන් පිළිතුරක් ලැබෙයිද බලා සිටිනවා

සිහින් සිනාවයි ඔබෙ ළපටි මුවේ
කොහෙන් ගෙනාවද ඔය කදිම රුවේ
කැලුම් හැලෙන ඔබේ නෙත හමුවේ
කෙසේ කියන්නද හදවත ගොළුවේ

පැතුම් පිරුණු ඔබේ මුහුණේ සිතුම් මට කියා නැහැනේ
නැවුම් අදහසක් මහදේ ඇඳී තියෙනවා
සිතේ සැනසුමක් නැහැනේ නෙතේ සහනයක් නැහැනේ
ඔබෙන් පිළිතුරක් ලැබෙයිද බලා සිටිනවා

සිහින් සිනාවයි ඔබෙ ළපටි මුවේ
කොහෙන් ගෙනාවද ඔය කදිම රුවේ
කැලුම් හැලෙන ඔබේ නෙත හමුවේ
කෙසේ කියන්නද හදවත ගොළුවේ

මලින් උරා බොන රොන් බඹර මුවේ
රුවන් මැණික් මුතු තිබෙන ලොවේ
එවන් රසක් ඇත මට ඔබගේ මුවේ
ඔබයි මනාලිය මගේ සිහින ලොවේ
ඔබයි මනාලිය මගේ සිහින ලොවේ
ඔබයි මනාලිය මගේ සිහින ලොවේ

Written by:
Clarence Wijewardena

Publisher:
Lyrics © O/B/O DistroKid

Lyrics powered by Lyric Find

The Golden Chimes

View Profile