Amal K Harankaha Arachchi - Mata Mama Ma (මට මම ම) - I Don't Own myself

මට මම ම - හිමි නැතිව
අතරමං ව - ඉමි තනිව
හිත හොයන - ජීවිතය
ලැබුනේ නෑ - කිසිම දින

මග වැරදුණු කොවුලකු වෙමි මා සුලගේ
ඔහේ පාවෙන
කුණාටු මිස වස්සානය දුටුවේ නෑ
මෙතෙක් ආ දුර

පියඹා යමි මා
ආපහු යන්නට පමා නිසා
සො‍යමී තවමා
සිහිනෙන් දුටු ලොව දකින තුරා
රුහිරු ගංගා
වගුරවමින් මරු කතර තෙමා
වින්දිනා දුක් පීඩා
නිවාලන්න හන්ඩ ගා
ගී ගයනෙමි මා

සැඩ සුලං නිමා වෙවී
පසු තැවීම බියගුළු කමකී
වින්දිනා දුක අශිර්වදය වී
වස්සානය වෙත මා පියඹා යනෙමී

මග වෙරදුන මුත් පියඹා යමි මා
ඉදිරියම බලා
මට මා මෙන් හිත සෙව් ජීවිතය ද
ලැබේවී සිතා

පියඹා යමි මා
ආපහු යන්නට පමා නිසා
සො‍යමී තවමා
සිහිනෙන් දුටු ලොව දකින තුරා
රුහිරු ගංගා
වගුරවමින් මරු කතර තෙමා
වින්දිනා දුක් පීඩා
නිවාලන්න හන්ඩ ගා
ගී ගයනෙමි මා

Written by:
Harankaha Arachchilage Kumara

Publisher:
Lyrics © O/B/O DistroKid

Lyrics powered by Lyric Find

Amal K Harankaha Arachchi

View Profile