The Golden Chimes - Samanalayo

පාට පාට රන් තටු සලලා
මලින් මලට ඉගිලී යනවෝ
ටිකකට නැවතී පැණි බීලා
නැවත තටු සලා ඉගිලෙනවෝ
පාට පාට රන් තටු සලලා
මලින් මලට ඉගිලී යනවෝ
ටිකකට නැවතී පැණි බීලා
නැවත තටු සලා ඉගිලෙනවෝ

ඈත එපිට අහසේ කොනකින්
බොහෝ දුරක් ඉගිලී එනවෝ
ඈත එපිට අහසේ කොනකින්
බොහෝ දුරක් ඉගිලී එනවෝ
ගම් හෝ වැව් බිම් පසු කරලා
කොහෙදෝ සිට කොහෙදෝ යනවෝ
කොහෙදෝ සිට කොහෙදෝ යනවෝ

පාට පාට රන් තටු සලලා
මලින් මලට ඉගිලී යනවෝ
ටිකකට නැවතී පැණි බීලා
නැවත තටු සලා ඉගිලෙනවෝ

දහස් ගණන් රංචුව හැදිලා
රහස් ගොඩක් තටුවල සඟවා
දහස් ගණන් රංචුව හැදිලා
රහස් ගොඩක් තටුවල සඟවා
ගම් හෝ වැව් බිම් පසු කරලා
කොහෙදෝ සිට කොහෙදෝ යනවෝ
කොහෙදෝ සිට කොහෙදෝ යනවෝ

පාට පාට රන් තටු සලලා
මලින් මලට ඉගිලී යනවෝ
ටිකකට නැවතී පැණි බීලා
නැවත තටු සලා ඉගිලෙනවෝ
පාට පාට රන් තටු සලලා
මලින් මලට ඉගිලී යනවෝ
ටිකකට නැවතී පැණි බීලා
නැවත තටු සලා ඉගිලෙනවෝ
පාට පාට රන් තටු සලලා
පාට පාට රන් තටු සලලා
පාට පාට රන් තටු සලලා

Written by:
Clarence Wijewardena

Publisher:
Lyrics © O/B/O DistroKid

Lyrics powered by Lyric Find

The Golden Chimes

View Profile
Golden Chimes - Mage Palpathe, Vol. 2 Golden Chimes - Mage Palpathe, Vol. 2