Clarence Wijewardena & the Super Golden Chimes - Vikasitha Hadamal

විකසිත හද මල් කුටිය අරා හිඳ
පිපුණු සිනා රැළි දුටුව දිනේ
ම සිත හොරා ගොස් ඔබේ හද අරණේ
විහඟ හඬින් ගී ගැයුව දිනේ

දුර ඈතක නොව මා අභියස ඇත
දෙනෙත පුරා නෙත් බැඳුනු දිනේ
මතක පුරාණයේ ආදර සෙවනැළි
හදට විරාගී ගයනු දැනේ

විකසිත හද මල් කුටිය අරා හිඳ
පිපුණු සිනා රැළි දුටුව දිනේ
ම සිත හොරා ගොස් ඔබේ හද අරණේ
විහඟ හඬින් ගී ගැයුව දිනේ

හද පුදසුන මත පිපුණු සැඳෑ මල්
මිලිනව යනු දැක ඉවත බලා
ලතවෙනු කුමටද හිත මිතුරිය ඔබ
නොහඬනු යළි නෙතු කඳුළු සලා

විකසිත හද මල් කුටිය අරා හිඳ
පිපුණු සිනා රැළි දුටුව දිනේ
ම සිත හොරා ගොස් ඔබේ හද අරණේ
විහඟ හඬින් ගී ගැයුව දිනේ

Written by:
Clarence Wijewardena, Karunaratne Abeysekera

Publisher:
Lyrics © O/B/O DistroKid

Lyrics powered by Lyric Find

Clarence Wijewardena & the Super Golden Chimes

View Profile
Original Hits of Clarence Original Hits of Clarence