Jude Da Dude - Meka Lankawa

සිය රට දේ සිරි සැප දේ
කිව්වත් හාල් ඇට ආනයනයේ
ගොවියා මහ මග සටනේ
හොරු රැල රජයයි පාර්ලිමේන්තුවේ
යටි මඩි ගහන් ආතල් එකේ
උන්ගෙ කටින් විතරයි බොරු සංවර්ධනේ
පටි තද කර ගනින් කියයි දුගියට උන් යන ගමන් ප්‍රාඩෝ එකේ

රට වලපල්ලට ණය ගිනි පොලියට
කුඩු මුදලාලිට කැපවුන මරු රට
බදු ගෙවමුකො තව දුක් විද මුන් හට
ටොයි බයි ඡන්දෙට කතිරය පුද කොට

නෞකා ගිලිලා වන්දි වන්දි
සාක්කු පිරිලා සල්ලි සල්ලි
ජනයා තැලිලා වේලි වේලි
විකුණන් කාපිය රට කඩං කෑලි කෑලි

ඇන කොටාගෙන ගහ මරාගෙන රට හැදුමට අපි සැම උත්සාහයේ
රංජා කිව්වෙ මල්ලි ඔක්කොම යාළුවෝ අද උන්දැ තපින්නෙ මහඋළු ගෙදරේ (රංජෝ)
ඔට්ට පාලුවෝ කතිරෙ බලෙන් සැප විදි රජ කරමින් පාර්ලිමේන්තුවේ
සිරිලක හැරදමා යන්න උබ ගේමක් ගහපන් අනේ මගේ පුතේ

මේක ලංකාව රජයයි පගාව
උඩ ඉදන් යටටම වෙයි මුලාව
ජීවත් කරවන්නෙ දුක සංකාව
හොරු රැල කාදැමු සිරි ලංකාව

මේක ලංකාව රජයයි පගාව
උඩ ඉදන් යටටම වෙයි මුලාව
ජීවත් කරවන්නෙ දුක සංකාව
හොරු රැල කාදැමු සිරි ලංකාව

Yeah
Borna
Manasick

මේක තිත්තක් එක්ක පැණිරහක් හරි මට මතක් උනි
ස්වප්ත ස්වර අනුග්‍රහ දෙන්නෙ අපේ
ගහල හොරණෑව පිඹපල්ලා වාළම්පුරි
ඕකුන්මයි යටකරගෙන යන්නෙ කාගෙත් උඩින්
මහගු ඉතිහාසේ ගොඩගහන් කටුගෙට
ඕකුන්ගෙ හුදෙක් හෙට වඩම්මන්නෙ උබෙ ගෙට
වහල්ලු ජනබල මහල්ලු බලතල
දරන්න වටවෙලා දහසය ප්‍රතිඵල
දරන්න බෑ තුඩින් ඇවිලුනු ගිනි කූරු
අඩන්න බෑ හොටු නෑ තොපි කිනිතුල්ලු
කඩන්න බෑ කැඩෙන්නෙ නෑ ක්‍රමය තුරු
උබලගෙ අනන් උන්ගෙ මනන්
උබලට දෙසු බණ හපනවා හක්ක පන්නන්
අදාල නෑ සජිත්, ගෝඨා, අනුර කන්ජුපානි
යාළු උබෙ දරුවගෙ හෙටකට උබ පලි
Yeah

මේක ලංකාව රජයයි පගාව
උඩ ඉදන් යටටම වෙයි මුලාව
ජීවත් කරවන්නෙ දුක සංකාව
හොරු රැල කාදැමු සිරි ලංකාව

මේක ලංකාව රජයයි පගාව
උඩ ඉදන් යටටම වෙයි මුලාව
ජීවත් කරවන්නෙ දුක සංකාව
හොරු රැල කාදැමු සිරි ලංකාව

රජයක් මොකටද fail නන් ආර්ථික
බොරුවෙන් දුගියව අන්දලා නාටක
අනෙ සර් කිය කිය නැහුනත් තොට දුක
ඥානෙ නැත්තන් බොට කාපිය ගූ වික

මහ බැංකුව කැඩු හොරු කෝ? කෝ?
සීනි වංචා කලෙ කූබි දෝ? දෝ?
යුක්තිය පාස්කුවෙ අද කෝ? කෝ?
මේවට බැට ජනයට දෝ? දෝ?

වර්ණ කන්නාඩි කලේ මනස අවුල්
උන් දාලා තියේ උබෙ කටට අගුල්
කන්න නැතත් හෙටත් උනත් අවල් තැවුල්
අපි හැම අහුවෙලා නැසෙයි උන්ගෙ උගුල්

ඡන්දෙන් දිනලා අයිය මල්ලි (අයියෝ සජිත්)
රටක් අඩලා කල්ලි වල්ලි
කර්මෙ පලදෙයි පන්සල් පල්ලි
හැදිගෑවිලා යයි පව පලිසන් දේවි

මේක ලංකාව රජයයි පගාව
උඩ ඉදන් යටටම වෙයි මුලාව
ජීවත් කරවන්නෙ දුක සංකාව
හොරු රැල කාදැමු සිරි ලංකාව

මේක ලංකාව රජයයි පගාව
උඩ ඉදන් යටටම වෙයි මුලාව
ජීවත් කරවන්නෙ දුක සංකාව
හොරු රැල කාදැමු සිරි ලංකාව

Written by:
Jude Shehan

Publisher:
Lyrics © O/B/O DistroKid

Lyrics powered by Lyric Find

Jude Da Dude

View Profile