Shiromie Fernando - Amma

පොඩි කාලේ දඟ කෙරුවාම
හඬමින් කරදර කෙරුවාම
ඔබ දෑතට අරගෙන මාව
නළවා දොයි දොයි කිව්වා

අම්මා පෙම්බර අම්මා
තාත්තා පෙම්බර තාත්තා
අම්මා පෙම්බර අම්මා
තාත්තා පෙම්බර තාත්තා

මට රසවත් ආහාර කවලා
පාසැල වෙත මෙ මාව යවලා
රෑ උනාම මා නිදි කරලා
දොයි දොයි දොයි දොයි කියලා

අම්මා පෙම්බර අම්මා
තාත්තා පෙම්බර තාත්තා
අම්මා පෙම්බර අම්මා
තාත්තා පෙම්බර තාත්තා

රස්සාවට ගොස් ඔහු එනවා
මට සීනි බෝල හෙම දෙනවා
සෙල්ලම් බඩු ගෙනැල්ල දෙනවා
මගේ තාත්තා හරිම හොඳයි

අම්මා පෙම්බර අම්මා
තාත්තා පෙම්බර තාත්තා
අම්මා පෙම්බර අම්මා
තාත්තා පෙම්බර තාත්තා

ලල්ලා ලලලලා
ලල්ලා ලලලලා
ලල්ලා ලලලලා
ලල්ලා ලලලලා

Written by:
Melroy Dharmaratne

Publisher:
Lyrics © O/B/O DistroKid

Lyrics powered by Lyric Find

Shiromie Fernando

View Profile