M. S. Fernando - Lande Lande

සැලෙන උකුලේ පිරුණ කලයේ දිය ගෙනියනවා
ගෙතුන රැහැන ලෙස වරලස සුළඟේ ළෙළෙනවා
හෙලෙන හෙලෙන හැම බැල්මට මල් පිබිදෙනවා
සිහල ලඳක් ලිඳට ගොසින් ආපසු එනවා
ආපසු එනවා - මල් පිබිදෙනවා
මල් පිබිදෙනවා - ආපසු එනවා

ලඳේ ලඳේ කියල කතා කරල බලමුදෝ
ලඳේ ලඳේ පානෙට දිය ඉල්ලා ගමුදෝ
ලඳේ ලඳේ කෝපවෙලා දොස් පවරයිදෝ
ලඳේ ලඳේ මේ ලඳ මට එහෙම කරයිදෝ

ලඳේ ලඳේ මග එනකං බලා ඉන්නදෝ
ලඳේ ලඳේ කට පුරහම සිනා සෙන්නදෝ
ලඳේ ලඳේ අහක බලන් යන්න යාවිදෝ
ලඳේ ලඳේ මේ ලඳ මට එහෙම කරයිදෝ
එහෙම කරයිදෝ මට එහෙම කරයිදෝ
එහෙම කරයිදෝ මට එහෙම කරයිදෝ

ලඳේ ලඳේ ආදර කවියක් කියන්නදෝ
ලඳේ ලඳේ කවි අහන්න ආසා නැතිවදෝ
ලඳේ ලඳේ මා ගැන මොනවා සිතාවිදෝ
ලඳේ ලඳේ කලේ බිඳින්නට හදාවිදෝ

ලඳේ ලඳේ ඔය ලස්සන ලැබුනේ කොහෙන්දෝ
ලඳේ ලඳේ පෙර එතරම් පිං කෙරුවාදෝ
ලඳේ ලඳේ මම එහෙනම් පව් කරලාදෝ
ලඳේ ලඳේ මට පිටුපා යන්න ගියාදෝ
යන්න ගියාදෝ යන්න ගියාදෝ
යන්න ගියාදෝ යන්න ගියාදෝ

සැලෙන උකුලේ පිරුණ කලයේ දිය ගෙනියනවා
ගෙතුන රැහැන ලෙස වරලස සුළඟේ ළෙළෙනවා
හෙලෙන හෙලෙන හැම බැල්මට මල් පිබිදෙනවා
සිහල ලඳක් ලිඳට ගොසින් ආපසු එනවා
ආපසු එනවා - මල් පිබිදෙනවා
මල් පිබිදෙනවා - ආපසු එනවා

Written by:
Augustus Vinayagaratnam, M. S. Fernando, M.S. Fernando

Publisher:
Lyrics © O/B/O DistroKid

Lyrics powered by Lyric Find

M. S. Fernando

View Profile
Call Me Fisherman - EP Call Me Fisherman - EP