M. S. Fernando - Lassana Kathandare

මලකින් බේරෙන පැණි බිංදු
මී මැස්සන් බඹරුන් කැන්දු
අත්තක මී වදයක් බැන්දු
ලස්සන කතන්දරේ
ලස්සන කතන්දරේ

මලකින් බේරෙන පැණි බිංදු
මී මැස්සන් බඹරුන් කැන්දු
අත්තක මී වදයක් බැන්දු
ලස්සන කතන්දරේ
ලස්සන කතන්දරේ

ගලේ පිපුන මල් සුවඳ නෑ
ගල් මලේ පෙති නෑ සුමුදු නෑ
පැණි බේරෙන්නට රේණු නෑ
මී මැස්සන් එන්නෑ
මල් උයනක නම් පිපෙන්නෑ
පැන් කළගෙඩියෙන් දොවෙන්නෑ
සිල්වත් දෑතක රැඳෙන්නෑ
ලස්සන කතන්දරේ
ලස්සන කතන්දරේ

සමනළයන් නැති බඹරු එන්නෙ නැති
මී මැස්සන් නැති ගල් මලේ
නිතර පිපෙන්නැති පිපිලා පලක් නැති
පරවෙන්නෙත් නැති ගල් මලේ

මලකින් බේරෙන පැණි බිංදු
මී මැස්සන් බඹරුන් කැන්දු
අත්තක මී වදයක් බැන්දු
ලස්සන කතන්දරේ
ලස්සන කතන්දරේ

කොහොඹ ගහේ බැන්දත් වදේ
මී රස වෙන රසයක් නොදේ
ගහෙත් තිත්ත එලෙසම රැඳේ
බැන්දාට මී වදේ
මලක සුවඳක් දන්නේ නෑ
නිල මැස්සෝ රොන් ගන්නේ නෑ
මිහිර සතුටක් වෙන්නේ නෑ
ලස්සන කතන්දරේ
ලස්සන කතන්දරේ

බඹරුන් ඇවිදින් මී වද බැන්දත්
කොහොඹ ගහේ රස තිත්තමයි
මී වදයට නෑ ඒකෙන් වෙනසක්
දැනෙන්නේ කඩාල ගත්තමයි

මලකින් බේරෙන පැණි බිංදු
මී මැස්සන් බඹරුන් කැන්දු
අත්තක මී වදයක් බැන්දු
ලස්සන කතන්දරේ
ලස්සන කතන්දරේ

Written by:
Augustus Vinayagaratnam, M. S. Fernando, M.S. Fernando

Publisher:
Lyrics © O/B/O DistroKid

Lyrics powered by Lyric Find

M. S. Fernando

View Profile
Call Me Fisherman - EP Call Me Fisherman - EP