The Golden Chimes - Mage Palpathe

මගේ පැල්පතේ මා අඳුරේ වෙලී මා
තනියේ ගැලී මා ගයමි මෙසේ
කඳුළයි සිනාවයි ඔබගේ කතාවයි
ගමනේ ලතාවයි සිහිවේ හදේ

මගේ ජීවිතේ ඔබ නිසා ඇත වෙන් වී
කවදත් ඔබයි ආදරේ මට ළං වී
මගේ සිතේ සැනසුමක් ඇති වේ නම්
ඒ ඔබ ගැනයි ආදරේ සැක නෑ දැන්

මගේ පැල්පතේ මා අඳුරේ වෙලී මා
තනියේ ගැලී මා ගයමි මෙසේ
කඳුළයි සිනාවයි ඔබගේ කතාවයි
ගමනේ ලතාවයි සිහිවේ හදේ

ඔබ කී ගොතා රස කතා අද වාගේ
සිහිවේ ළයේ සැනසුමයි දුක මාගේ
සැමදා මෙසේ සිත සිතා මම ඉන්නම්
ලැබුනොත් ප්‍රියේ වාසනා අත ගන්නම්

මගේ පැල්පතේ මා අඳුරේ වෙලී මා
තනියේ ගැලී මා ගයමි මෙසේ
කඳුළයි සිනාවයි ඔබගේ කතාවයි
ගමනේ ලතාවයි සිහිවේ හදේ

Written by:
Clarence Wijewardena, Karunaratne Abeysekera

Publisher:
Lyrics © O/B/O DistroKid

Lyrics powered by Lyric Find